Powered By Blogger

7/13/2010

හාවයි ඉබ්බයි (new version)

හාවයි ඉබ්බයි රේස් තියලා හාවට නින්ද ගිහිල්ල, ඉබ්බා හාවව පරාද කරපු කතාව අපි හැමෝම එපා එනකම් අහපු, පතුරු යනකම් කියපු කියලා දීපු කතාවක්නේ.....
මේ කතාවෙ ඉබ්බගෙ චරිතයෙන් දෙන උපදේශය කලබල නොවී තමන්ට පැවරුන රාජකාරිය නොසැලෙන අධිශ්ඨානයෙන් කලාම දිනන්න පුලුවන් කියලානේ.අපි ගොඩක් දෙනා අහපු කතාව ඉබ්බ දිනුවට පස්සෙ ඉවර වෙනවනේ, ඒ උනාට කතාව ඉවර නෑ තව episode තියෙනවා.

ඔන්න ඉතිරි episode අහලා නැති අයට තමයි මේ කතාව.

ඔන්න රේස් එක පැරදුන හාවා තේරුම් ගත්තා එයාගෙ තිබිච්ච දුර්වලකම්. කොටින්ම කියනවා නම් උවමනාවට වඩා තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසය තියලා,කිසි දෙයක් ගනන් ගන්නෙ නැතුව ඉඳලා තමන්ගේ නොසලකිලිමත්කම නිසානේ රේස් එක පරාද උනේ. ඔය වගේ
over confident වෙලා ඇන ගත්ත අවස්තාවන් කාට කාටත් ඔනේ තරම් ඇතිනේ, ප්‍රසිද්ධියේ නොකීවට.
කිව්වට මොකද... තමන් ඉබ්බව සුළුවෙන් හිතපු එක ගැන හාවට හරියට ලැජ්ජයි, ඇයි ඉතින් මනුස්සයෙකුට මූණ දෙන්නෙ කොහොමද? මනුස්සයෙකුට නම් මොකද තව හාවෙක්ට මූණ දෙන්නෙ කොහොමද?
ඉතින් හාවා ගිහිල්ලා අයෙමත් පාරක් ඉබ්බට චැලෙන්ජ් කලා රේස් එකකට එන්න කියලා. ඉබ්බත් කැමති උනා.ඔන්න මේ පාර හාවා පස්ස බලන්නේ නැතුව හයියෙන්ම දුවලා හැතැක්ම ගානක් ලීඩ් එක තියල තරඟෙ දින්නා.

ඔන්න මේ කතාවෙන් හැමෝම තේරුම් ගත්තා කලබල නොවී තමන්ට පැවරුන රාජකාරිය නොසැලෙන අධිශ්ඨානයෙන් කලාටම දිනන්න බෑ, හැම වෙලාවෙම වේගයට පරාද වෙන්න chance එකක් තියෙනවා කියලා.

හැබැයි කතාව තවම ඉවර නෑ.... තව episode එකක් තියෙනවා,

ඉබ්බත් එහෙම ලේසියෙන් අත අරින කෙනෙක් නෙමෙයි, ඉතින් මෙයා පොඩ්ඩක් කල්පනා කරලා හාවාට තව රේස් එකකට invite කලා. ඕවත් මොන කජු කන වැඩද කියලා හාවත් challenge එක accept කලා. හැබැයි මේ පාර ඉබ්බා ටිකක් කට්ට වැඩක් තමයි කලේ, පරණ  route එක නැතුව අලුත් route එකක තමයි තරඟය පවත්වන්න හාවව එකඟ කර ගත්තෙ. ඔන්න තරඟෙ පටන් ගත්තා හාවා ඉතින් සුපුරුදු පරිදි පණ කඩාගෙන දිව්වා. හැබයි තරඟෙ දිනුම් කණුවට යන්න නම් ගඟකින් එගොඩ වෙන්න ඔනේ. හාවො ඉතින් පීනන්න දන්න එකක්යැ.ඉබ්බා එයාගෙ සුපුරුදු වේගයෙන්ම අවිල්ල පීනාගෙන එගොඩ වෙලා තරඟෙ දින්නා.

ඔන්න ඒපාර කට්ටියම; අපෝ වේගය විතරක් තිබිලා මොකටද හැකියාව,නිපුණතාව(core competence) නැතුව කියලා කියන්න ගත්තා.කොච්චර කොහොම උනත් ඉබ්බට තරඟය දිනන්න පුලුවන් උනේ ඉබ්බට දුවන්නයි පීනන්නයි දෙකම පුලුවන් නිසානේ. හාවට පුලුවන් ඉයෙන් දුවන්න විතරයිනේ.

හැබයි කතාව තවම ඉවර උනේ නෑ, last episode එක තියෙනවා.....

දැන් මේ වෙනකොට මේ තරඟ නිසාම ඉබ්බයි හාවයි හොඳට අඳුරනවා, යාලුකමකුත් අති වෙලා දෙන්න අතරේ. මොනවා උනත් අන්තිම තරඟෙ පැරදුන නිසා හාවට ටිකක් දුකයි. ඉබ්බටත් ඉතින් මේ දුක නොදැනුනාම නෙමෙයි.කොහොම හරි දවසක් මේ දෙන්නා අන්තිම තරඟෙ ගැන පොඩි discission එකක් කරා. අර cricket මැච් එහෙම ඉවර උනාට පස්සේ අරය දින්නෙ කොහොමද මේයා පැරදුනේ ඇයි කියලා discussions තියන්නේ, ඒවගේ එකක්. මේකෙන් පස්සෙ දෙන්නටම තෙරුනා අපිට මේ තරඟෙ මීට වඩා හොඳට කරන්න තිබ්බා, මීට වඩා හොඳට දුවන්න තිබ්බා කියලා.
ඉතින් අයෙමත් අපි මේ තරඟෙ මීට වඩා හොඳට තියමු කියලා ආයෙමත් පරණ route එකේම තරඟෙ organise කලා.

මේක හැබයි කලින් තරඟ වලට වඩා වෙනස් විදියට දෙන්නගෙම සහයෝගයෙන් තම්යි තිබ්බේ. ඔන්න තරඟෙ ආරම්භ උනාම මුලින්ම හාවා ඉබ්බාව උස්සගෙන හයියෙන් දිවා. ගඟ ළඟට අවිල්ලා ඉබ්බා හාවව කරේ තියාගෙන එගොඩට පීනුවා. ආයෙමත් හාවා ඉබ්බාව උස්සගෙන දිනුම් කණුවට දිව්වා. දෙන්නම තරඟෙ දිනුම්. දෙන්නටම සතුටුයි.

මේ සිද්ධියෙන් පස්සෙ සමජයේ හැමෝම තේරුම් ගත්තා තමන්ට පුද්ගලිකව කොච්චර තියෙන හැකියාවන් එකතුකරලා සහයොගයෙන් වැඩ කලොත් වඩාත් සාර්ථක වෙන්න පුලුවන්. මොකද අපි හැමෝටම පුලුවන් දේවල් වගේම බැරි දේවල් තියෙනවා. ඒ වගේම තමයි එක්කෙනෙකු දුර්වල දෙයක් තව කෙනෙක් වඩාත් පහසුවෙන් කරන අවස්ථා තියෙනවා.

ඔන්න ඔහොමයි හාවගෙයි ඉබ්බගෙයි කතාව ඉවර උනේ..

මීට පස්සේ කාට හරි හාවගෙයි ඉබ්බගෙයි කතාව කියලා දෙනකොට ඔක්කොම episode ටික කියල දෙන්න අමතක කරන්න එපා.
මොකද මේ කතාව අද සමාජයට ගොඩාක් වැදගත්. මොකද අද හැමෝම හදන්නෙ තමුන් ලොක්ක වෙන්න. අනිත් අය මොනවා කිව්වත් සහයොගයෙන් වැඩ කිරීමක් නෑ. මොකද එතකොට ලකුණු දාගන්න බෑනෙ. සහයෝගයෙන් වැඩ කලාම ලකුණු ලැබෙන්නෙ බෙදිලානේ. අනික තමයි ජීවිතයේ අපි හැම වෙලාවෙම අනිකාව පරාජය කරන්න නෙමෙයි ජීවිත්යේ අවස්තාවට අනුව කල යුතු දෙය සහයෝගයෙන් කරන්න පුරුදු වෙන්න ඔනේ.එතකොට අපිට නිකම්ම ජීවිතයේ දිනුම ලැබෙනවා. හිත් රිදීම් අති වෙන්නෙත් නෑ.

10 comments:

  1. ඇත්තටම අගේ ඇති addition එකක් අපෙ හුරු පුරුදු ළමා කතාවට....අනිත් අතට අද හුඟක් අය තනියම වේගෙන් පස්ස නොබලා දුවලා දුවලා අන්තිමෙදි දන්නේම නැතුව තනිවෙලා....ජීවිතේ කියන්නේ දිනුම් කණුවක් නොවන බව ගොඩක් අයට අද අමතක වෙලා.....යන ගමන් මාර්ගයේම තමා ජීවිතේ තියෙන්නේ...ඒක විඳින්න අමතක කොරල දිණුම් කණු හොයන අය ලබාගන්නෙ මොකද්ද කියලා නම් මම දන්නේ නෑ.............

    ReplyDelete
  2. බොහෝම හොඳ අදහස් ටිකක්...

    ReplyDelete
  3. ඇත්තටම වැදගත් ලිපියක්. ස්තුතියි මිතුර.

    ReplyDelete
  4. මං වැරදි තැනකට ආවද මංද........

    කතාවනම් වැදගත් ඒත් කීදෙනෙක්ට තමන්ගේ දරුවට ඕකෙ වටිනාකමක් පෙනෙයිද දන්නෑ.........

    (මේ දවස් වල අම්මල සිස්සත්තෙට එක එක්කෙනාට හොරෙන් තමන්ගේ එකා ඉහලට ගෙනියන වැඩේ ඉන්න නිසා ඔව්ව කියන්න කොහෙද වෙලාවක්.............)

    ReplyDelete
  5. පොඩි උන්ට කියල දෙන්න නම් හොඳයි තමා... ඒත් අර හා පැටික්කි කිව්ව වගේ.. දැන් අම්මලනෙ පොඩි උන්ව රේස් දුව වන්නේ....

    එහා ගෙදර එකීට වඩා උබ ලකුනු ගන්න ඕනි...

    පලවෙනිය නොවී එන්නෙ එහෙම නෑ...

    ReplyDelete
  6. ඉතා වටින එපිසෝඩ් ටිකක්.. ස්තූතියි මිත්‍රයා

    ReplyDelete
  7. Maxza Brother.well done. :)

    ReplyDelete
  8. join http://blog.inetlanka.com/ if u are still not

    ReplyDelete
  9. මේක මම training එකකදි අහපු කතාවක්, අලුත් දෙයක් නිසා හැමෝම එක්ක බෙදා ගත්තෙ.

    @හේමලයා:ඒක නම් ඇත්ත. අන්තිමේ දුවලා දුවලා හති වැටිලා ජීවිතේ විඳවලා මිසක් විඳලා නෑ.
    @ජංජාල චාමර,RanDil:ස්තූතියි
    @ හා පැටික්කි:බය වෙන්න එපා දැන් ඉබ්බයි හාවයි යාලුයි, හරිම තැනට තමයි ආවෙ
    @පිස්සා පලාමල්ල & @ හා පැටික්කි:ඒක නම් ඇත්ත, අම්මලා ළමයි රේස් එකට යවනවා, ඒ ළමයි ලොකු උනාම ඒගොල්ලන්ගෙ ළමයි ආයෙමත් රේස් එකේ යවනවා, ඔය විදියට දිගටම වෙනවා කවදා ඉවරයක් දකින්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.පොඩි කාලෙම කුහක අදහස් ළමයින්ගෙ හිත් වලට දැම්මාම ළමයි ලොකු වෙනකොට සමාජයම නරක් වෙලා.
    @ sameerausa ,@පොජ්ජේ,@Ansh Lucky Sri Jay:ස්තූතියි, වටිනා දෙයක් ජීවිතයට එකතු කරගත්තා නම් මටත් සතුටුයි.
    @ ස්වප්නා inetlanka එකෙත් ඉන්නවා

    ReplyDelete