Powered By Blogger

8/10/2010

සිතන්නට යමක්.......

ඔබ නිතිපතා බලන පුවත්පතක ඔබේ නම සඳහන්වී තිබුනොත් ඔබට හිතෙන්නේ මොනවාද.......
ඔබ නිතිපතා බලන පුවත්පතේ මරණ දැන්වීම් අතර ඔබේ නම දුටුවොත්.........මියගිය අය අතර ඔබේ නම සඳහන්ව තිබුනොත්...... ඔබේ හැඳින්වීම කොයි විදියට තිබුනොත්ද කැමති..... ඔබගේ නමට යටින් "මරණයේ වෙලෙන්දා මිය යයි" යනුවෙන් හැඳින්වීමක් තිබුනොත්.....
ඇත්තටම අදට අවුරුදු 115කට විතර පෙර පුද්ගලයෙක් උදෑසන පුවත්පත පෙරළා, මරණ දැන්වීම් පිටුවේ තමන්ගේ නමට ඔය විදියේ හැඳින්වීමක් දුටුවා.
ඔහු මේ දැන්වීම දැකලා ඉතාමත් පුදුමයට ඒවාගේම කම්පනයට පත් උනා, ඔහු නැවත නැවතත් කියෙව්වා, නමුත් සඳහන්ව තිබුනේ එකම දෙයක්. තවත් පහලට කියවාගෙන යනවිට "මිනිසුන් විශාල වශයෙන් පහසුවෙන් ඝාතනය කරන ආකාරය ලොවට හඳුන්වාදීමෙන් ලෝක කීර්තියට පත්වූ, ධනවත්වු මහා ව්‍යාපාරිකයා ඊයේ දින අභාවපාප්ත විය" යනුවෙන් තවත් හැදින්වීමක්.
"දෙවියනේ මම, මැරිලාද පණ පිටින්ද....." සිහි එලවා ගත් ඔහු දිගටම එම දැන්වීම කියවූවා. 

මේ දැන්වීම එක්තරා ප්‍රංශ පුවත්පතක වැරදීමකින් පළවූවක්. මේ හැදින්වීම තිබුනේ සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන. ඔහුගේ සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් පටලවාගෙන එම පුවත්පත මේ ආකාරයෙන් සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා ගැන මරණ දැන්වීමක් පළ කරලා තිබුනේ.

"මම ගැන මිනිස්සු හිතන්නේ මේ විදියටද...., මරණයේ වෙලෙන්දා".... මේ වගේ සිතිවිලි ඔහුගේ හිත පුරා හොල්මන් කරන්න පටන් ගත්තා...  මේ සිද්ධිය ඔහුව කැළඹෙව්වා, මිනිසුන් ඔහුව මේ ආකාරයට හඳුන්වනවාට ඔහු කැමති උනේ නෑ....

මේ විදියට තමයි නොබෙල් සාම ත්‍යාගය ආරම්භ උනේ.ඔහු පැරීසියේදී ඔහුගේ අන්තිම කැමති පත්‍රය මගින් ඔහු මිනිසුන් සමූල ඝාතනය කරන්න නිපදවපු ඩයිනමයිට් වලින් ලබාපු ආදායම නොබෙල් සාම පදනමට ලබාදුන්නා. ඊළඟ අවුරුද්දේ ඔහු මිය යනකොට ඔහු ඔහුගේ ප්‍රතිරූපය වෙනස් කරගත්තා.අවසාන මොහොතේදී වුවත් ඔහු තමාගේ හැඟීම්,සිතිවිලි හරි පැත්තට යොමු කලා.

අපි අපේ ජීවිත ගත කරන්නේ කොහොමද......අපේ සිතිවිලි..... අපේ ක්‍රියාවන්....
අපි මියගියාට පසු....... තවත් එක් මියගිය මිනිහෙක් වෙයිද....
කවුරුන්හෝ අපිව ආදරයෙන් ගෞරවයෙන් මතක් කරයිද......
අපේ මරණයෙන් පස්සේ අපේ රටට ලෝකයට උරුම කරන්නේ මොනවාද.....

සිතන්නට යමක්.......

(ප.ලි.
ටිකක් කල්පනා කරන කොට හිතුනා එදා නොබෙල් මහත්මයා අදහස් කරපුදේ ඒ ආකාරයෙන්ම සිද්ධවෙනවාද කියලා. මොකද මහත්මා ගාන්ධිතුමා නාම නිර්දේශවල ඇතුලත් වෙලා සාම තෑග්ග නොලැබෙද්දි ඔබාමාට නිකම්ම නොබෙල් තෑගි ලැබුනා.... මේ වගේ කලු පැල්ලම් කීපයකුත් නොබෙල් සාම ඉතිහාසයේ තියෙනවා..)


 

6 comments:

  1. මේකනම් ඇත්තටම හිතන්න ඕනැ දෙයක්......අපිට මරණය් ගැන මතක් කර දෙන එකත් වැදගත් අද මිනිස්සුන් හැසිරෙන හැටි බැලුවාම......

    ReplyDelete
  2. මේ මරණ දැන්වීමේ කතාව මීට කලින් අහල තිබ්බෙ නෑ, නොබෙල් මහත්තයගෙ හිතේ ඩයිනමයිට් නිෂ්පාදනය කිරීම ගැන කළකිරීමක් ඇතිවුණා කියල අහල තිබ්බට ඒකෙ හරිම කතාව දැනගත්තෙ අද. ස්තූතියි

    ReplyDelete
  3. @Shadow/හේමලයා: හඅපොයි ඔව්, ඒත් ඉතින් කොච්චර කිව්වත් තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද....

    @Chanaka Aruna Munasinghe : බොරු කියන්නෙ මොකටද මමත් දැන ගත්තේ අද තමයි. කරුණු ටික හරියට හොයාගෙන බ්ලොග් එකට දැම්මේ මම වගේ දැනගෙන හිටපු නැති අයට දැනගන්නයි.
    සතුටුයි සතුටුයි......:D

    ReplyDelete
  4. ඇත්තටම මොනවා හිතේවිද....කියාගන්න..බැහැ...

    ReplyDelete
  5. මේ මිනිස්සු නම තියන්න හෝ ධනය උපයන්න කරපු දේවල් ලෝකයට ආශිර්වාදයක් වුණාද? ඉතිරි සල්ලි ටික දීල අරඹපු දෙයිනුත් වැඩක් වෙලා තියෙනවද? ඇත්තටම සාමය වෙනුවෙන් කටයුතු කරන මිනිස්සුන්ටද සාමය වෙනුවෙන් තෑගි දෙන්නෙ. ඒ සාපයෙන් කවදාවත් මේ මිනිහට ගැලවෙන්න බැරිවෙයි නේද?

    ReplyDelete
  6. මටත් හිතෙන්නේ එහෙම තමයි

    ReplyDelete