Powered By Blogger

6/20/2010

ඇරඹුම

මම සිOහලෙන් ලියල තියෙන බ්ලොග් කියවන්න පටන් ගත්තෙ බොහොම මෑතකදි. ලOකවෙන් ඈතට ගියට පස්සෙ පළුව කාන්සිය මකා ගන්න සිOහල බ්ලොග් කියවනයේ තියෙන සටහන් බලන්න පුරුදු උනා. ඔය ඉන්න අතරෙදි මටත් මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න ආස හිතුන. ඉතින් අද ඒකට ඉඩකඩ හදා ගන්න පුලුවන් උනා. එහෙනම් ඉතින් පටන් අරගෙනම බලමුකෝ.
විවාහ උනාට පස්සෙ මගේ ආදරවන්තයත් එක්ක මට මැද පෙරදිග රටකට පියාබන්න සිද්ද උනා අකමත්තෙන් උනත්. කාන්තරෙක තියෙන කාෂ්ටකකම මේ රටට පය තියෙන කොටම අඩු නතුව දනුනා.දැන් මේ සටහන තියෙන කොටත් උෂ්නත්වය සෙල්සියස් 45. ඉතින් තව මොන කතාද.
දොහා අන්තර්ජාතික ගුවන් තොටුපොලෙන් ගොඩ බැහැල කටාර් රටට අවේ දැන් මාසෙකට විතර කලින්.

ඊට පස්සෙ ගුවන් තොටුපොලෙන් එලියට අවිල්ලා කඩු දෙකේ හන්දිය {මේ රටේ අගනුවරට අතුලු වෙන තැනේ පාර හරහ තියෙන්නෙ ලොකු කඩු දෙකක් හරහට තියල හදපු ආරුක්කුවක් ඒකට ලන්කාවෙ කට්ටිය කියන නම තමයි ඒ;ඔය උඩින් තියෙන පින්තූරෙ තියෙන්නෙ ඒක තමයි} පහු කරල කටාර් Galle Face {මේකත් කලින් වගේ නමක් තමයි}එක ඉස්සරහින් ලොකු වටයක් ගිහිල්ල අපේ නවාතනට ආවේ. කටාර් Galle Face එකත් අපේ Galle Face මුහුදු තීරය වගේ තමයි. හබැයි මුහුදු රැල්ල පාගන්න බැහැ. ඒ උනාට ලස්සනට ඉදි ගස්, තනකොල, ලස්සන මල් පැල වවල මිනිස්සුන්ට විනොද වෙන්න පුලුවන් වෙන්න හදල තියෙන්නෙ.හරිම ලස්සන තැනක්. පහළ පින්තූරෙ තියෙන්නෙ කටාර් Galle face එහෙමත් නැත්නම් Corniche, Doha නුවර දර්ශනයක්

එතන ඉදන් කාන්තරයේ හිර වෙලා වේලෙන ජීවිතයට සයිබර් අවකශයෙන් පොඩි තෙතමනයක් ලබෙයි කියල හිතනවා. මගේ ජීවිතේ සිද්ද උන මේ වෙනස තමයි මගේ බ්ලොග් ජීවිතයට අත්පොත් තැබුවෙ. මීළග බ්ලොග් සටහනෙන් හමුවන තුරු අරඹුමට තිත තබන්නම්.

5 comments:

  1. ඔයා ඔය සිංහල කියන තැන බිංදුව ලියන්නෙ යතුරු පුවරුවේ x න් නෙවෙයි ද ?

    ReplyDelete
  2. නැහැ දැන් තමයි ඒක දැන ගත්තේ, ගොඩක් ස්තුතියි ඒක පෙන්නලා දුන්නට.

    ReplyDelete
  3. සාදරයෙන් පිළිගනිමු :)

    ReplyDelete
  4. දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්............

    ReplyDelete
  5. @ ස්වප්නා: බොහොම ස්තුතියි, ඔයාගෙ බ්ලොග් එක දැකලානෙ මං මගේ බ්ලොග් එක පටන් ගත්තෙ.
    @ හසිත: බොහොම ස්තුතියි

    ReplyDelete