Powered By Blogger

6/30/2010

ලෝක විනාසේ ......


මට මේ ලෝක විනාසෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනේ පහුගිය දවසක පොඩි එකෙක් කියපු කතාවක් අහලා.මේ මල්ලි ඉගෙන ගන්නෙ 4 වසරෙ ශිෂ්‍යත්ව විභාගෙත් ලබන අවුරුද්දෙ නිසා මේයාගෙ අම්මා මෙයාව උනන්දු කරනවා ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න මොකද හොඳ ඉස්කෝලෙකට දාගන්න. දවසක් මෙයා පාඩම් වැඩ අතපසු කලාම දෙයාගෙ අම්මා පොඩ්ඩක් සැර කරලා. මෙයා කියනවලු කොච්චර වැඩ කලත් වැඩක් නෑ ලු මොකද 2012 ලෝක විනාසෙ නිසා ඔක්කොම නැති වෙනවලු, ඉතින් නිකම් බොරුවට මහන්සි වෙලා වැදක් නෑලු.

ඉතින් මේ කතාව අහලා මටත් හිතුනා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. මොකද ඉතින් 2012 ලොක විනාස වෙලා යනවා නම් යන තැනකටවත් වැඩක් කරගන්න ඕනේනෙ.ඉතින් මේ ගැන හොයාගෙන යනකොට 2012 සහ මායා දින දර්ශනය අතර සම්බන්ධයක් තියෙන බව තේරුනා.

මායා කියලා කියන්නේ 250 AD තරම් ඈත කාලේක තිබ්බ බොහොම දියුණු ශිෂ්ඨාචාරයක්.වර්තමානයේ මේ පිහිටීම කිව්වොත්, මෙක්සිකොව,ග්වටමාලා, බ්‍රසීලය, එල් සැල්වදෝරය ආශ්‍රිත ප්‍රදේශ. ඉතින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේම කියලා දින දර්ශනයක් හදල තියෙනවා.මේ ශිෂ්ඨාචාරයේ බිඳ වැටීම හැමෝටම මාර ප්‍රශ්නයක් ඒ ගැන නොයෙක් දෙනා විවිධ මත පල කරනවා.

ඔය ඉතිහාසය ගැන හොඳට දන්න අය කියන විදියට මේගොල්ලො අනිත් ශිෂ්ඨචාර වලට ව්ඩා නිවරදිව සුර්ය වර්ෂය හොයාගෙන තියෙනවා.
ඉතින් මේ කට්ටියගෙ ගනන් හැදීම අනුව මායා කැලන්ඩරය අවුරුදු 5125කට පස්සෙ ඒ කියන්නේ අපි දන්න විදියට 2012 දෙසැම්බර් 21 අවසාන වෙනවාලු.දැනට හොයාගෙන තියෙන විදියට කැලැන්ඩරයේ අවසානයේදී පෘථිවි වාසීන් භෞතික හෝ ආධ්‍යාත්මික වෙනසකට පත් වෙලා අළුත් යුගක් ඇරඹෙන බව තමයි කියන්නෙ.ඔය පල්ලෙහායින් තියෙන්නෙ ඒ කැලැන්ඩරය ඇසුරෙන් කරපු අධ්‍යනයක්,



බුදු උපත, කිතු උපත, අනෙකුත් ශිෂ්ඨාචාර වගේ ඉතිහාසයේ නොයෙක් සන්ධිස්ථාන මේ කැලැන්ඩරයෙන් විග්‍රහ කරන්න පුලුවන් බව තමයි මේ ගැන පර්යෙෂණ කරපු අය කියන්නේ. එහෙම සටහනක් තමයි ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ.

දැන් හැමෝම මේක දැකලා කලබල වෙන්න එහෙම එපා. මේ 2012 ලෝක විනාසෙ ගැන නොයෙක් මතවාද අදටත් තියෙනනවා, මොකද කාටවත් මේකේ සුල මුල හොයා ගන්න බැරි වෙලා තියෙන්නෙ.අපි හැමෝම බුදු දහම ආශ්‍රයෙනුත් දන්නවානේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. අනික මම අහලා තියෙන විදියට බයිබලයෙත් ලෝක විනාසය ගැන සඳහනක් තියෙනව.හැබැයි ලෝක විනාසෙ 2012 කියලා හැමොම කට ඇරගෙන බලාගෙන ඉඳලා එහෙම නොවුනොත් තම තමන්ගෙ ජීවිතම තමයි තව අවුරුදු දෙකකින් පස්සට යන්නේ.

හැම දෙයක්ම කාලයත් එක්ක විසඳෙයි.මේ වගේ අගමුල නොතේරෙන කතා ගැන කල්පනා නොකර පිනක් දහමක් කරගෙන හොඳට ජීවත් වෙන එකයි තියෙන්නෙ. මොකද බැරි වෙලාවත් මොනවා හරි හේතුවක් නිසා 2012දි යන්න උනොත් අපිට ගෙනියන්න ඉතිරි වෙන්නෙත් ඔච්චර තමයි. බුදු හාමුදුරුවොත් කියල තියෙනවනෙ පින් පව් අපි පිටිපස්සෙ සංසාරෙ පුරාවට එනවා කියලා. ඔන්න ඉතින් හැමෝම අප්‍රමාදව කුසල් රැස් කරන්න එතකොට හෙට මැරුණත් බය වෙන්න ඔනේ නෑ,අනික එහෙම කලයි කියලා පාඩුවක් වෙන්නෙත් නෑනෙ.

3 comments:

  1. හී හී මායා වරුන්ගේ කැලැන්ඩරේ 2010 න් ඉවර උනාම ඒක ආයේ රීසෙට් වෙයි. ඔරලෝසුව පැය 12ක් කැරකිලා ආයේත් 1 සිට 12 ට යනවා වගේ... නමුත් ඔයකාලය වෙනකොට කුමක් හෝ සැලකිය යුතු වෙනසක් සමාජය තුල වෙනවා කියන එක තමයි මගේ හැගීම. ඔය ගැන දවසක් දොරමඩලාවෙත් කතා වුනා... කොහොමත් වෙන දෙයක් බලාගන තමනගේ වැඩ කරගන්න එක ඇගට ගුනයි. අර කතාවකුත් තියනවානේ "දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා ‍වගේ" කියලා

    ReplyDelete
  2. තම තමන් තම තමන්ට පැවරිලා තියෙන රාජකාරි නිසි පරිදි කරගෙන හිටියා නම් හිතේ සැනසීමෙන් මැරෙන්න හරි පුලුවන්....................

    ReplyDelete
  3. ඔව්. අපි නං ඔන්න හෙට උනත් මැරෙන්න රෙඩි හී හී

    ReplyDelete